ජනාධිපතිවරණයේ දී මෛත්‍රීි වැඩ කළේ සජිත්ට! මහ ඡන්දෙට ශ්‍රීලනිපයට ලැබෙන්නේ ආසන 6යි! – ෆවුසි

December 16, 2019 at 9:29 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව සිටින බව ප්‍රකාශ කළ ද සජිත් ප්‍රේමදාසට උදව් කළ බව ඒ.එච්.එම්. ෆවුසි පවසයි.

ශ්‍රීලනිපය දැන් අවසන් වී ඇති බවත් එයට ඡන්ද ලක්ෂ 13ක් ඇතැයි පැවසීම විහිළුවක් බවත් ඔහු පවසයි. පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයන් 8500ක් තරඟ කළ බවත් එම ලක්ෂ 13 ඔවුන්ගේ නෑදෑ හිතවතුන් ලබා දුන් ඡන්ද බවත් ඔහු පෙන්වා දෙයි.

එළඹෙන මහ මැතිවරණයට ශ්‍රීලනිපය තනිව තරඟ කළහොත් ආසන 06ක් ලැබෙන බවත් පොහොට්ටුව සමග තරඟ කළහොත් ආසන 03ක් ලැබෙන බවත් ෆවුසි සඳහන් කළේය.

අරුණ පුවත්පත සමග පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස