විදේශ දූත සේවාවට දේශපාලන හෙංචයියන් පත්කිරීමට එරෙහි වූ ජේ.සී. වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ධුරයට!

June 2, 2019 at 11:16 am | by admin

ජනාධිපති මෛත්‍රීිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා තානාපති සහ මහ කොමසාරිස් ධුර කිහිපයක් සඳහා යෝජිත නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තු තේරීම් කමිටුව වෙත යවා තිබේ.

ඒ අතර ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධුරයට ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ යෝජනා කර ඇතැයි වාර්තා වෙයි. ඔහු දුෂණ විරෝධීයකු මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ප්‍රබලයෙකි.

ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටනැෂනල් ආයතනයේ ලංකා ශාඛාව ආරම්භ කළ මොහු කොටි සැකකරුවන්ගේ නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයකු ලෙස ප්‍රකටය.

වර්තමාන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සෝමසුන්දරම් ස්කන්ධකුමාර් කටයුතු කරයි. නවසීලන්තය, පැපුවා නිව්ගිනියා සහ ෆීජි රාජ්‍යවල මහ කොමසාරිස් ධුරයේ කටයුතු ද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ඉටු කරයි.

මේ අතර මැලේසියානු තානාපතිවරයා ලෙස මෑතක විශ්‍රාම ගිය හමුදා ප්‍රධානියකු ද යෝජනා කර තිබේ. මෙම ලැයිස්තුව ලබන සතියේ දී අදාළ කමිටුව විසින් සාකච්ඡාවට ගැනීමට නියමිතය.

පසුගිය රජයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ නුසුදුසු අය විදේශ දූත සේවා පත් කිරීම්වලට එරෙහිව ප්‍රබල හඬක් නැගූ වැලිඅමුණ විදේශ සේවා පත් කිරීම්වලදී එම ක්ෂේත්‍රයේ දැනුමැති සහ පළපුරුදු නිලධාරීන් පත්කිරීම වෙනුවෙන් අතීතයේ පෙනී සිටියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස