හිස්බුල්ලා රට පුරා අක්කර 3000ක් මිල දී ගනී! සෞදි අන්තවාදී සංවිධානයක් මෙහෙයුම පිටුපස! – CIDය හෙළි කරයි…

September 16, 2019 at 11:39 am | by emanisa.lk

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සෞදි අරාබියේ ආයතනයක මූල්‍ය ආධාර ඇතිව දිවයින පුරා ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී හෙළිවී තිබේ.

හිස්බුල්ලාට මෙම ඉඩම් මිලදී ගැනීම සඳහා මුදල් සම්පාදනය කළ ආයතනය ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානවලට ආධාර දෙන සෞදි අරාබි ආයතයක් වශයෙන් ද හඳුනාගෙන ඇත.

ඒ අනුව හිස්බුල්ලා යම් උපායමාර්ගික සැලැස්මක් අනුව ක්‍රියාත්මක වී ඇති බව පෙන්නුම් කෙරෙන බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉස්ලාම් මූලධර්මවාදීන්ට මුදල් පොම්ප කරන ආයතන ගණනාවක් සෞදි අරාබියේ ඇති අතර හිස්බුල්ලා වැනි පිරිස් ඒවා හරහා කෝටි ප්‍රකෝටිපතියන් බවට පත් වේ.

එහෙත් මේවායින් අවසානයේ අමාරුවේ වැටෙන්නේ සාමකාමී සාමාන්‍ය මුස්ලිම් ජනතාවය. එක් අතකින් මුදල් බලයත් අනෙක් අතින් දේශපාලන බලයත් හිමි හිස්බුල්ලා වැන්නන් හැමදාමත් කරන්නේ නීතියේ සිදුරු අතරින් රිංගා යාමය.

සෞදි ආධාරවලින් තිරිකුණාමලය ප්‍රදේශයේ දකුණු ආසියාවේ විශාලතම ෂරියා විශ්වවිද්‍යාලය ගොඩනැඟීම සඳහා ද හිස්බුල්ලා කටයුතු කළ අතර ඔහු පවසන්නේ එය කිසිවකුට නතර කළ නොහැකි බවත් ජනවාරියේ විවෘත කරන බවත්ය. එහි ඉගැන්වෙන විෂය මාලාව පිළිබඳ අන්තර්ජාලයට එකතු කර තිබූ ලේඛනවල ෂරියා නීතිය මුල දී තිබූ අතර අනතුරුව එය ඉවත් කර ගෙන තිබිණි. නැඟෙනහිර වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් ගොඩනැඟීමේ සැලසුමක් පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස