ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ පැවැත් විය.
උත්සවයට එක්වූ හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නට සභාව ඇමතීමට අවස්ථාවක් ලබානොදීම නිසා හිටපු අගමැතිවරයා උත්සව සභාව මැදට පැමිණ සභාව ඇමතුවේය.
ගම්පොළ පුපුරැස්ස නව පොලීස් ස්ථානය අද විවෘත කිරීමට නියමිතව තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වුවත් ජනාධිපතිවරයා ඊට සහභාගී නොවුණු අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත් විය.
එහිදී තමාට උත්සවයේ කතාවක් හිමි නොවූ බව පවසමින් දි.මු. ජයරත්න මහතා සභාව මැදට පැමිණ උත්සවය ඇමතිමන් පැවසුවේ තමන් අවුරුදු 72ක් දේශපාලනයේ සිටි බවත් මේ සියලු දෙනාම මහපොළොවේ අඩිය ගසා සිටිනේ තමන් නිසා බවත්ය.
අද සියල්ල සිදුවන්නේ ඡන්ද බලාගෙන බව ප්‍රකාශ කළ හිටපු අගමැතිවරයා ඔවුන්ගේ කතා අත්පොළසන් දී අසාගෙන සිට ඡන්දපොළට ගොස් අනිත් පැත්තට ඡන්දය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.
එම ස්ථානයේ සිටි පිරිස් ද දිමූ ජයන්ත මහතා වෙනුවෙන් ඔහුට සහයෝගය පළ කරමින් කතා කිරීම විශේෂත්වයකි.