80 දශකයේ දුටු බොරළුගොඩ සිංහයා ජිනීවාහිදි යළි උපදියි! රට පාවාදුන් ගිවිසුමෙන් ඉවත් වන බවත් ඉවත් වීමට හේතුත් ලොවටම කියයි!

February 26, 2020 at 10:04 pm | by emanisa.lk

විදේශ සබඳතා,නිපුනතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන අද (26) ජිනීවා නුවර එක්සත් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවති මානව හිමිකම් කවුන්සිලයේ 7වන සමුළුවේ 43 වන ස්ථාවර සභාවාරය අමතමින් ජාතිමාමකත්වය මොනවට ප්‍රදර්ශනය කරමින් සෑබෑ ලාංකීය දේශප්‍රේමියා කවුදැයි යන්න ලෝකයට ප්‍රදර්ශනය කරන අතිශය වැදගත් දේශනයක් ඉදිරිපත් කළ බව ජිනීවා නුවර ආරංචි මාර්ග පවසයි.

පසුගිය රජය කරනු ලැබූ ලාංකේය රණවිරුවා පාවාදීමේ සැලසුම් සියල්ල ආපසු හැරවීමට සමත් ප්‍රවේශයක් ශ්‍රී ලංකා රජයට ගත හැකි බව ජගත් මානව හිමිකම් කවුන්සිල වේදිකාව මතදීම තහවුරු කිරීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යයවරයා සමත් වූ බව ජිනිවා මානව හිමිකම් සමුළුවට සහභාගි වී සිටින ශ්‍රී ලංකාවට හිතැති විදේශිකයන් පවසන බවද අප වෙත වාර්තා වේ.

මේ පිළිබඳ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මෙසේ පැවසීය.

“මංගල සමරවීර මහතාගේ පාවාදීම ආපසු හැරවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික සංවිධානවල ගෞරවය ඒ මහතා වෙත පිරිනමනවා. ඒ වගේම අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 7වන සමුළුවේ 43 වන සැසිවාරයේදී 80 දශකයේදී අප දුටු දිනේෂ් ගුණවර්ධන නම් සටන්කාමියා දක්නට ලැබීම බලවත් සතුටට කාරනයක්. එතුමාගේ මැදිහත්වීමට සමස්ත ශ්‍රී ලාංකික ජාතියේම ගෞරවය හිමි විය යුතුයි. ඔහු අභිමානවත් දේශනයක් ලෝකය හමුවේ ඉදිරිපත් කළා.

ඔහුගේ ප්‍රවේශය සම්බන්ධයෙන් අපට ඇත්තේ එක් විවේචනයක් පමණයි. එනම් විනිසුරුවරයෙකු යටතේ පත්කරනවා යැයි කියන කොමිසම මගින් රණවිරුවන්ට එරෙහිව OISL වාර්තාව මගින් එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු බැඳීමට අතීතයේ පිහිට වූ සියලු කොමිසම් වාර්තා, නීතිමය සහ කරුණුමය සාක්ෂි අධ්‍යයනය කරන බව සෘජුව සඳහන් නොකිරීම පමණයි. රණවිරුවා යුද අපරාධ චෝදනාවලින් ගලවා ගැනීමට නම් එම කොමිසම් වාර්තාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන බව කිව යුතුමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස