රටට විශිෂ්ට සේවයක් කළ ශානි මැතිතුමා IDH රෝහලට මාරු කරන්න! – සජිත්

November 27, 2020 at 9:58 pm | by emanisa.lk

රටට විශිෂ්ට සේවයක් කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොරෝනා ආසාදනය වී මහර සිට ගල්ලෑල්ල ප්‍රදේශයට ගෙන ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

හෘදයාබාධ සහ දියවැඩියා රෝග තත්ත්වයෙන් පීඩා විඳින ශානි අබේසේකර IDH රෝහලට මාරු කර හරින ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව හෙතෙම සඳහන් කළේ ය.

එම රෝග තත්ත්වයට අමතරව ඔහුට වෙනත් ජීවිත තර්ජන ද ඇතැයි විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය. අද (27) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

කෙසේ වුව ද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විට ද ශානි අබේසේකර මහර සිට IDH වෙත රැගෙන ඒමට කටයුතු සූදානම් කර තිබූ අතර පැය කිහිපයක් ඇතුළත ඔහු එම රෝහලට ඇතුළු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස