මාලිගාවත්ත ප්‍රදේශයේ තිදෙනකු මිය ගියේ ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිය මාස දෙකක පමණ කාලයක් පැවතීමෙන් ඇති වූ පීඩනය නිසා තෙරපී බව එජාප හිටපු මන්ත්‍රී ජන බලවේග අපේක්ෂක මුජිබර් රහුමාන් පවසයි.
මාස දෙකකට අධික කාලයක් ජනතාව නිවෙස්වල රඳවා තැබීම නිසා ඇති වූ දරිද්‍රතාව මෙයට හේතුවී ඇති බව ද හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මාලිගාවත්තේ අදාළ සිදුවීම වූ ස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු ඒ බව කියා සිටියේය. මෙම ස්ථානයේ ආධාර මුදල් බෙදාදීම අදාළ ව්‍යාපාරිකයා වාර්ෂිකව සිදුකරගෙන යන්නක් බවද ඔහු සඳහන් කළේය.
ඇඳිරි නීතිය හා නිරෝධායනය නීතිය පවතිද්දී ඒ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකර මෙය සංවිධානය කිරීමේ යම් ගැටලුවක් ඇති බවද ඔහු පිළිගත්තේය.
එම ස්ථානයේ ආධාර මුදල් බෙදා දීමේ දී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මුදල් ලබා ගැනීම සඳහා පන්සියයක් පමණ අදාළ නිවසේ මිදුලට පැමිණ ඇති අතර මුදල් ලබා ගත් අයට පිටවී යාමට නොදී රඳවා ගෙන ඇති අතර ඊට හේතුව එම පිරිස නැවත මුදල් ඉල්ලා පැමිණේ යැයි විශ්වාස කිරීමය.