2015 පුංචි කාර් ගන්න හීන දුටු රටකට ගිය කලක්! රට වැසියෙක් රටක් රාජ්‍යයක් දිනුවා සේ ගෑස් ලැබීමේ සතුට සැමරූ හැටි! (video)

November 4, 2019 at 10:21 pm | by emanisa.lk

සතියකට අධික කාලයක් රටේ පවතින්නේ දැඩි ගෑස් හිඟයකි. මේ නිසා ජන ජීවිතය බෙහෙවින් අඩාල වී ඇති අතර රට පුරා හොටෙල් 3500ක් පමණ වසා දමා ඇති බව වාර්තා වෙයි.

මේ අතර බොහෝ නිවෙස්වල ගෑස් නොමැතිව ඉවුම් පිහුම් කටයුතු කරගත නොහැකි නිසා ජනතාව මහත් අසීරුතාවකට පක්ව ඇති අතර ජනතාව ගෑස් සොයා කඩපිල් පීරති. ගෑස් කඩ අසල දිගු පෝලීම්වල පැය ගණන් බලා සිටිති.

එලෙස දිගු ගෑස් පෝලිමක රැඳී සිට ගෑස් සිලින්ඩරයක් ලබා ගත් වයෝවෘද්ධ පුද්ගලයෙක් රටක් රාජ්‍යයක් දිනුවා සේ සතුටින් නටන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් සමාජජාලාවල හුවමරු වෙයි. මේ එම වීඩියෝවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස