20 දිනවා ද්විත්ව පුරවැසිභාවය පරදවන්න! – අභයතිස්ස හිමි

October 21, 2020 at 8:04 am | by emanisa.lk

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ජයග‍්‍රහණය කරවා, ද්විත්ව පුරවැසිභාවය පරාජය කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

ද්විත්ව පුරවැසිභාව නීතිය 19 මගින් ගෙන ආවේ පුද්ගල බද්ධ වෛරී චේතනාවෙන් බවත් එය නැවත පුද්ගල බද්ධ චේතනාවෙන් ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ නම් එයට ද එකඟ විය නො හැකි බවත් එහිමියන් පැවසූහ. ද්විත්ව පුරවැසි නීතිය පැනවීම රටේ මතු ආරක්ෂාව සඳහා අවශ්‍ය බව අභයතිස්ස හිමිගේ මතයයි.

එදා ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙකු ලෙස කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටනට විශිෂ්ට නායකත්වයක් දුන් බවත් ඒ නිසා ම ජනතාව ඔහු ජනාධිපති ධුරයට ඔසවා තැබූ බවත් අභයතිස්ස හිමි සිහිපත් කළේය.

විදේශ ඇමතිවරයා ලෙස ජිනීවා ගොස් 30:1 යෝජනාවට අත්සන් කර රට පාවා දුන් මංගල සමරවීර දෙ පය ම මෙ රට තබා ගෙන සිටින මෙ රට පුරවැසියකු බව ද එහිමියන් අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස