69 ලක්ෂේ ජනවරම අපහරණයට ඉඩදෙන්න බෑ! 20 වැනි සංශෝධනය අති භයානකයි! – විජිතමුණි

September 21, 2020 at 6:25 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 69 ජනතාව ඡන්දය දුන්නා කියා හෝ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලැබුණා කියා හෝ එම ජනමතය අපහරණය කරන්න ඉඩ දිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා සඳහන් කරයි.

විගණන කොමිසම අහෝසි කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ දීම වරදක් බවත් එක් පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත වීමට ඉඩදිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අති භයානක ව්‍යවස්ථා සංශෝධනයක් යැයිද හෙතෙම සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස