20ට එරෙහිව සජිත් එක්ක TNAත් ශ්‍රේෂ්ඨාධිකරණයට!

September 23, 2020 at 4:49 pm | by emanisa.lk

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය  විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

20වන සංශෝධනය අභියෝගයට ලක්කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හයක් ගොනු කර තිබේ.

සමගි ජන බලවේගය, නීතිඥ ඉන්දික ගාල්ලගේ, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ගොනු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස