20 ඇතැම් යෝජනාවලට එකඟ වෙන්න බෑ! -20ට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධය..

September 6, 2020 at 12:52 pm | by emanisa.lk

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ රටට අවශ්‍ය නැති කරුණු කිහිපයක් අඩංගු බව යුතුකම සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත් වීමට පනවා තිබූ සීමා ඉවත් කිරීම නුසුදුසු බවයි.

එමෙන්ම තවත් පිළිගත නොහැකි සහ අඩුපාඩු සහිත කරුණු ගණනාවක් මෙම සංශෝධන කෙටුම්පතේ අඩංගු යැයිද හෙතෙම අවධාරණය කරයි.

විවිධ අණපනත් වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රශ්න කිරීමට තිබූ අවකාශය මෙම පනත් කෙටුම්පත මගින් අහෝසි කිරීමට යෝජනා වී ඇති බවත් එය වෙනස් කරන්නේ නම් ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කිරීමට අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව