19 අහෝසි කරන්න 69%ක් ජනතාව විරුද්ධයි! අපි කළ සමීක්ෂණයකින් හෙළි වුණා! – 19 අහෝසි කරන්න හැදුවොත් ජනතාව එක්ක පාරට බහිනවා.. රාජිත

August 27, 2020 at 9:30 am | by emanisa.lk

19 වන ව්‍යවස්ථා සංශෝධනයට රැක ගැනීම තම පක්ෂයේ අරමුණ බවත් එය අහෝසි කිරීමට උත්සාහ කළොත් ජනතාව සමඟ පාරට බැස විරෝධතා දක්වන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ශිරාල් ලක්තිලකලා  විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ 19 සංශෝධනය රැක ගැනීම අති මහත් බහුතරයක් ජනතාවගේ කැමැත්ත බව යැයි ද ඔහු සඳහන් කරයි.

විධායක ජනාධිපති බලතල සීමා කිරීමට 69% එකඟ වී ඇති බව එමඟින් හෙළි වූ බවත් තොරතුරු දැනගැනීමේ පනත 62%ක් අනුමත කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

නමුත් ස්වාධීන කොමිසන් සභා සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන 65%ක් එකඟතාවක් පළ කර නැතැයිද ඔහු පැවසීය.

මෙම සමීක්ෂණය සඳහා 300ක නියැඳියක් යොදා ගෙන ඇති බව ද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස