මෛත්‍රීගේ රාත්‍රී සාදයට කිසිවකේ නෑ! ශ්‍රීලනිප මන්ත්‍රීවරු දුරකතනයටත් පිළිතුරු නොදෙයි! සියල්ල අතහැර මෛත්‍රී පවුලම එංගලන්තයට!

December 8, 2019 at 8:17 am | by emanisa.lk

පසුගිය සති අන්තයේ රාත්‍රියක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සංවිධානය කළ භෝජන සංග්‍රහයක් සඳහා කිසිදු ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු සහභාගී නොවූ බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයාට අතිශය සමීප ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු සමග එම සාදයට එක්ව සිටියේය. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පමණක් එදින දහවල් පැවති උත්සවයක් සඳහා සහභාගී විය.

හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රීවරු කිසිවකු මේ වන විට දුරකතන ඇමතුමකට පවා පිළිතුරු ලබා නොදෙන බව සැලවෙයි.

හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඔවුන්ගෙන් අයකුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නද කිසිවකු ඊට එකඟ වූයේ ද නැත.

මේ අතර ජනාධිපතිවරයා සිය පවුල සමග මාස කිහිපයකට එංගලන්තය බලා යාමට සූදානම් බවත් එම විවේකි කාලය තුළ අනාගත දේශපාලන කටයුතු පිළිබඳ සැලසුම් කරන බවත් වාර්තාවෙයි.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ පරාජය වූ අවස්ථාවේ ජනතාව දහස් ගණනින් ඔහුගේ මැදමුලනේ නිවසට ගිය අතර දේශපාලකයන් පිරිසක් ද ඔහු අතැර නොගොස් සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස