හිටපු ලේක් හවුස් මාධ්‍ය අධ්‍යක්ෂ වැසිකිළියට ඇදන් ගොස් පහර දී මරා දමන බවට තර්ජනය කරලා!

December 11, 2019 at 5:55 pm | by emanisa.lk

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ඩිජිටල් සහ නව්‍ය මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ සහ ‘මාධ්‍යවේදියා’ නම් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මධුක තක්සල ප්‍රනාන්දුට ලේක් හවුසියේ පොහොට්ටු වෘත්තීය සමිතියේ සභාපති ඇතුලු පොහොට්ටු මැරයන් විසින් කෲර ලෙස පහර දී මරා දමන බවට තර්ජන කර ඇතැයි The Leader නම් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

හිටපු ඇමති මංගල සමරවීරට අයත් මෙම වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මධුක බ්‍රිතාන්‍යයේ නව මාධ්‍ය පිළිබඳ උපාධිධරයෙකු වන අතර එහි රැකියාව අතහැර ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය රජයේ ආරාධනාව පරිදිය.

පසුව ඔහු ජාතික රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක රැකියාව කළ අතර ලේක්හවුසියේ ඩිජිටල් සහ නව්‍ය මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ තනතුරට පත් කෙරිණ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් පසු ලේක්හවුසියට පැමිණි අවස්ථාවක මෙම පහර දීම සිදුව ඇත්තේ cctv නොමැති වැසිකිළි ප්‍රදේශයකදී බව එම වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කරයි.

මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ (10) සවස ලේක්හවුස් ආයතනය තුළ දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස