මාධ්‍ය මට ගහලා වැඩේ වරද්ද ගන්න එපා! මං වෙනුවට ලැබෙන අනුප්‍රාප්තිකයා මං වගේ නෙමෙයි! – ජනපති

April 11, 2019 at 2:39 pm | by admin

මේ වන විට සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය තමාට දැඩි ලෙස පහර දෙන බවත් තමාට පහර දීමට වෙනම පුවත්පත් නිර්මාණය ඇති බවත් පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ නිසා තමා වෙනුවට ලැබෙන විකල්ප නායකයන්ගෙන් එවැනි නිදහසක් ලැබේ දැයි සිතා බලන ලෙස ඉල්ලා සිටියි.

උදෑසන පුවත්පත් විස්තර කියන මාධ්‍යවේදීන්ට දුරකතනයෙන් කුණු හරුපෙන් බැණ වැදුණු නායකයන් රටේ සිටි බවත් ජනාධිපතිවරයා සිහිපත් කරයි. මේ මැතිවරණ වසරක් බවත් තමාට දිගට හරහට මාධ්‍ය ඔස්සේ පහර දීම නිසා බිහිවන විකල්ප නායකයන් තමා මෙන් මේ සියල්ල හමුවේ නිහඬව සිටිනු ඇතැයි බලාපොරොත්තු නොවන ලෙස හෙතෙම පවසයි.

කෙසේ වුවද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අපහාස කරන්නේ යැයි පසුගිය සමයේ දින කිහිපයක් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජජාලය ද තහනම් කෙරිණි. එසේම අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පෞද්ගලික මාධ්‍ය ආයතන කළු මාධ්‍ය ලෙස නම් කියමින් හඳුන්වමින් තර්ජනය කළේය. ආණ්ඩුවට සම්බන්ධ පිරිස් එම මාධ්‍ය ආයතන ඉදිරියේ විරෝධතා සංවිධානය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ ද මාධ්‍ය ආයතන කළු මාධ්‍ය ලෙස හඳුන්වන්නට විය. එ් අතර ආආණ්ඩුව මාධ්‍ය නිදහසට වැට බඳින ප්‍රතිත්‍රස්ත පනත ද ගෙන ඒමට සූදානම් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *