හිටපු කැබිනට් ඇමති රොත්තගේ ෆයිල් මිටියක් මහින්ද අතට! අරලියගහ මන්දිරෙන් යද්දී රනිල් ෆයිල් මිටිය තියලා ගිහින්!

December 1, 2019 at 5:37 pm | by emanisa.lk

‘සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ’ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට හමුවී ඇතැයි වාර්තා වෙයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉකුත් දා අරලියගහ මන්දිරයට පැමිණියේය. එම ලිපිගොනු කට්ටලය වුවමනාවෙන්ම එහි තබා ගියේද නැතහොත් අමතකව ගියේද යන ප්‍රශ්නය පැන නැගී තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවුරුදු හතරහමාරක් අරලියගහ මන්දිරයේ සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පැමිණීමෙන් පසු පසුගිය අඟහරුවාදා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැති අතර බදාදා මහා සංඝ රත්නයට දානයක් ද පිරිනැමිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පැමිණීමෙන් පසු පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූ සේවකයන්ට එම ලිපිගොනු හමු වී තිබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එය අමතක වූවාද හිතාමතා දමා ගියේ ද යන ප්‍රශ්නය මතු වී තිබේ.

ඇතැම් අමාත්‍යවරුන් කරන ලද ගනුදෙනු, ඇතැම් අය මුල් වූ හෝ සම්බන්ධ වූ හෝ සහ ඇතැම් අය ප්‍රවර්ධනය කරන ලද හෝ ගනුදෙනු සම්බන්ධ තොරතුරු එම ලිපිගොනුවල තිබී ඇත. එහි සෑම අමාත්‍යවරයකු සම්බන්ධයෙන්ම ලිපිගොනු තිබී ඇතැයි ද වාර්තා වේ.

ටෙන්ඩර් ගිවිසුම් සම්බන්ධයෙන් නම් ඊට අදාළ දේශීය පාර්ශව, ඔවුන්ගේ ලිපින, දුරකතන අංක ආදිය ද එම ලිපිගොනුවල තිබී ඇතැයි ද වර්තා වෙයි. එමෙන්ම ටෙන්ඩර්වල මිල ගණන් පිළිබඳ තොරතුරු ද එහි තිබී ඇත.

එම ලිපිගොනු පිළිවෙළට ඇසුරුම් කර තිබූ බව ද මේවා සකස් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යැයි ද දැනගන්නට ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කරන්නේ කුමක්දැයි පිළිබඳව ද මේ වනවිට ප්‍රශ්නයක් ඇති වී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ ලිපිගොනු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අදාළ පියවර ගැනීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇතැයි තවත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස