යහපාලන ඇමතිට ලේකම්ට එරෙහිව එජාප පසුපෙළ ජනපති කොමිසමට!

January 26, 2019 at 11:07 am | by admin

යහපාලන ආණ්ඩුව කාලයේ සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුට හා අමාත්‍යාංශ ලේකම්වරයකුට එරෙහිව පැමිණිලි ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම විරෝධය එල්ල වී ඇති මෙම ඇමැතිවරයා පසුගිය කාලයේ සිදුකළ බව කියන දූෂණ හා වංචා සම්බන්ධයෙන් එසේ පැමිණිලි කිරීමට නියමිතය.

මීට අමතරව ප්‍රබල අමාත්‍යාංශයක ලේකම්වරයකු ලෙස කටයුතු කරන ඔහු මූල්‍ය ආයතනයක සභාපතිවරයකු ලෙස ද කටයුතු කිරීමේදී සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට පැමිණිලි කිරීමට සැලසුම්කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස