මම විතරක් නෙමේ අකිලත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ කළේ එහෙමයි! – සජිත්

September 6, 2019 at 1:04 am | by emanisa.lk

ඇමති අකිල විරාජ් කාරියවසම් සංස්කෘතික කටයුතු ඇමති සමයේ ද ආවරණ අනුමැතියට යටත්ව විශාල වැඩ කොටසක් කළ බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි. ඒ පිළිබඳ ෆයිල් තොගයක් තමා සතුව ඇතැයි ද ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කිසියම් වැඩක් කිරීමට අනුමැතිය ලැබෙන තුරු සිටියහොත් කිසිදු වැඩක් සිදුනොවන බවත් තමා ඉදිරි වසරේ දහම් පාසල් ගොඩනැඟිලි දහසක් ඉදිකරන බවත් ඉදිරි වසර හතර තුළ චෛත්‍ය රාජයාණන් වහන්සේලා 1125ක් ඉදි කරන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් රු. කෝටි 120ක් සජිත් ප්‍රේමදාස සිය දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා අවභාවිත වී ඇතැයි පසුගිය සමයේ චෝදනා නැඟුවේ ඇමති රවී කරුණානායක විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස