අද (20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව මෙතෙක් හලාවත පුත්තලම මීගමුව ජා-ඇළ ආදී ප්රදේශවලට වරින් වර පැනවූ ඇඳිරි නීතිය අද හවස සිට මුළු දිනයිනටම බලාත්මක වනු ඇත.
කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබේ. මේ වන විට ඉන්දියාව ද මුළු රටටම ඇඳිරි නීතිය පනවා තිබේ.