හරක් මරලා මස් කන එක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්! හරක් මරලා දුප්පත් ජනතාවට මස් බෙදන එක පිංකමක්! ඒ අයිතිය තහනම් කරන්න හැදුවොත් උසාවි යනවා! – සිලෝන් තවුහිද් ජමාද්…

September 11, 2020 at 10:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට විරුද්ධත්වය පළ කරන බව බවත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බවත් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමට මෙම යෝජනාව ඉදරිපත් කර සම්මත කර ගත්තේ කුමන කාරණාවක් පදනම් කෙර ගෙනදැයි තවමත් නොදන්නා බව එම සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් පවසයි.

කිසියම් ආගමක් හෝ ජාතියක් ඉලක්ක කරගෙන මෙම තහනම පනවන්නට උත්සාහ කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ද ඔහු පැවසීය.

ප්‍රාණඝාතය නොකල යුතුය කියා කිසියම් ආගමක ඇත්තේ නම් එය ගව ඝාතනය තහනම් කිරීමට පමණක් සීමා නොවී මෙරට සියලු සත්ව ඝාතනය තහනම් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ඉස්ලාම් ආගමිකයන් විසින් අනුමත කර ඇති ගව මස් ආහාරයට ගැනීමේ අයිතිය තම ආගමිකයන්ට ඇති බවත් එනිසා ගව ඝාතනය පමණක් තහනම් කිරීම තම අයිතිය උල්ලංඝනය කිරීමක් බව ඔහු අවධාරණය කරයි.

කිසියම් ජන කොට්ඨාසකට පරිභෝජන අයිතියට විරුද්ධ වීමට තවත් කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහු ගේ අදහසයි. හජ් වන්දනා සමයේ ගවයින් මරා දුප්පත් ජනතාවට මස් පරිත්‍යාග කිරීමේ පිංකම කිරීමට මේ නිසා නොහැකි තත්ත්වයක් උදා වන බවත් ඔහු සඳහන් කළේය.

ඉස්ලාම් ආගමිකයන් ලෙස ඌරු මස් කෑම තහනම් කර ඇතත් තමන් කිසිදු අවස්ථාවක වෙනත් ආගමිකයන්ට ඌරු මස් කෑම තහනම් කරන්නැයි ඉල්ලා නැත්තේ ඔවුන්ට ඒ අයිතිය ඇති නිසා යැයිද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදි පැවති බවද මාධ්‍ය හමුවක් අමතමිනි.

https://www.facebook.com/334121210607999/videos/1200816410289246

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස