හෝමාගම ආයුධ ගබඩා කළේ කංජිපානි මරන්න!

June 30, 2020 at 7:41 am | by emanisa.lk

හෝමාගම, පිටිපන ප‍්‍රදේශයේ පිහිටි වෙළඳ ආයතනයක සගවා තිබියදී ඊයේ (29) සොයා ගැනුණු ගිනිඅවි තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කොස්ගොඩ තාරක’’ නමැත්තාට අයත් බව කියන මෙම ආයුධ තොගය අදාල ගොඩනැගිල්ල තුළ සඟවා ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කංජිපානි ඉම්රාන්’’ නමැත්තා ඝාතනය කිරීමට බව මේ වනවිට අනාවරණ වී ඇත.

‘‘කොස්ගොඩ තාරක’’ සහ ‘‘කංජිපානි ඉම්රාන්’’ රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේ වෙන් වෙන් සිරමැදිරි තුළයි.

කංජිපානි ඉම්රාන් නඩු කටයුතු සඳහා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවක ඔහු ඉලක්ක කර වෙඩිතැබීමට අදාල ගිනිඅවි ගෙනවිත් ඇති බවට සැක කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස