දිවි පරදුවට තබා ත්‍රස්තවාදය පරාජය කරනවා! – ජනපති

May 2, 2019 at 1:14 pm | by admin

අපේ‍්‍රල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප‍්‍රකාශ සිදුකරමින් එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජාතියක් ලෙස එදින සියලුදෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමඟ ත‍්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව සියලුදෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැඳගැනීම බව  ද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (01දා) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.

රටත්, ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙන බවත් රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙන බවත්  ජනපතිවරයා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහළ වැඩපිළිවෙළක් විදේශීය විශේෂඥ දැනුම ද සහිතව අපගේ ආරක්ෂක හමුදාවන් මේ වන විට දීප ව්‍යාප්ත ලෙස කි‍්‍රයාවට නංවා තිබෙන බවත්  මෙම ඛේදවාචකය වළක්වාගැනීමේ වගකීම් පැහැර හැරී සියලු දෙනා වෙනුවෙන් ද ඉදිරියේ දී නිසි පියවර ගන්නා බවත් හෙතෙම පැවැසීය.

මෙම සිදුවීම පිළිබඳ සති දෙකක වාර්තාවක් ලබා දීමට තමා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව තමාට ලැබුණු බවත්, එහි සඳහන් කරුණු පිළිබඳ නීතිපතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස