හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට බුදු මැදුරේ තිබු අඩි 3ක් පමණ උස බුදුපිළිම දෙකකට ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්බ කර තිබේ.
අදාළ බුදු කුටියේ තැන්පත් කර තිබූ බුදුපිළිම දෙකකට මෙසේ හානි කර තිබෙන බව එම බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසන භික්ෂූන් වහන්සේ විසින් හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
මෙම ක්‍රියාව කවුරුන් කුමක් අරමුණු කරගෙන සිදුකළ ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණ කර ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් පොලිසිය පවසයි. මේ වන විට එම ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තා වෙයි.