සෞදිය කාන්තා අයිතීන් සුරකින්න විශිෂ්ට තීන්දුවක් ගනී! මින්පසු පිරිමි පාර්ශ්වයට තනිව දික්කසාදය තීන්දු කරන්න බෑ!

February 18, 2020 at 8:08 am | by emanisa.lk

පිරිමි පාර්ශවයට දික්කසාදය පිළිබඳ තනි තීරණ ගැනීමේ හැකියාව සීමා කිරීමට සෞදි අරාබිය තීන්දු කර තිබේ. ඒ අනුව විවාහයක් අවලංගු කිරීමට නම් අදාළ දෙපාර්ශවයම උසාවිය ඉදිරියේ පෙනී සිටීම අවශ්‍ය වනවා.

මීට පෙර පැවති නීති අනුව පිරිමි පාර්ශවයට අවශ්‍ය ආකාරයෙන් බිරිඳ දික්කසාද කිරීමටත් එසේ නොකර වෙනත් විවාහයක් කර ගැනීමටත් අවස්ථාව හිමි විය.

එහෙත් එරට කාන්තාවන්ට එසේ විවාහය සම්බන්ධයෙන් තනි තීරණ ගැනීමට හැකියාවක් නොතිබිණි. දික්කසාදය සිදු වුවද ඔවුන්ට තවත් විවාහයක් සිදු කර ගන්නටද අවස්ථාවක් ලැබුණේ නැත.

සෞදි අධිකරණ අමාත්‍යංශයේ වාර්තා අනුව මාසයකට එරට දික්කසාද 4000 පමණ සිදු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස