ඉස්ලාම් සෞදි රට වයස 18ට අඩු විවාහ තහනම් කරයි! සෞදියෙත් නැති ගෝත්‍රික නීති ලංකාවේ අදත් ක්‍රියාත්මකයි!

January 17, 2020 at 9:47 pm | by emanisa.lk

සෞදි අරාබි රාජ්‍යය විසින් වයස අවුරුදු 18ට අඩු විවාහ තහනම් කරමින් එරට අධිකරණ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව සෞදි රාජ්‍යය තුළ විවාහ වීමේ අවම වයස අවුරුදු 18 බවට පත් වන අතර එරට අධිකරණ ඇමති සහ සුප්‍රීම් අධිකරණ කවුන්සිලයේ සභාපති ෂ්‍යෙික් වාලිඩ් අල්-සමානි මෙයට අදාළ සියලු අධිකරණවලට නව නියෝගයක් ද චක්‍ර ලේඛයක් හරහා නිකුත් කර තිබේ.

මේ අනුව වයස 18 ට අඩු විවාහ ඉල්ලීම් සලකා බැලීම විශේෂ අධිකරණයක් මගින් අනුමත කළ යුතු අතර 2019 ජනවාරි මාසයේ වයස අවුරුදු 15 ට අඩු ළමා විවාහ කිරීම තහනම් කරමින් රෙගුලාසි නිකුත් කළේය. එම යෝජනාව තුනෙන් දෙකක බලයකින් ෂුරා කවුන්සිලය හෙවත් අධීක්ෂණ කමිටුව මගින් ද අනුමත කෙරිණි.

ලෝකයේ වයස අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවන්ගේ විවාහ 7 න් 1 ක්ම වාර්තා වූයේ සෞදි අරාබියෙනි. නමුත් දැඩි මුස්ලිම් මතධාරී රටක් වන සෞදි අරාබිය, රටේ ළමා ආරක්ෂණ නීතිය (Child Protection Law) අනුව යමින් සිය රටේ නීති ප්‍රතිසංස්කරණය කරගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස