සෞඛ්‍ය බලධාරීන් සහ මැකො අතර හමුවක් හෙට! මහ මැතිවරණය ජුලි 18 පවත්වන්න සූදානම්!

May 24, 2020 at 9:29 am | by emanisa.lk

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට අප්‍රේල් 25 සහ ජූනි 20 යන දෙදිනක් දින නියම කළද කොරෝනා වසංගත තත්ත්වය නිස එය කල් දමන්නට සිදු විය. එය ජුලි 18 වැනිදා පැවැත්වීමට බොහෝ ඉඩකඩ ඇති බව වාර්තා වේ.

මෙම දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලන මැතිවරණ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් මැතිවරණ කොමිසමද කියා සිටියේ මහ මැතිවරණය පැවැත්වීමට සති 9 – 11ත් අතර කාලයක් අවශ්‍ය බවය.

කොරෝනා වසංගතය හමුවේ මහ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා මැයි 31 වැනිදාට ප්‍රථම ලිඛිතව ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම එයට තරග කරන සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසම සහ ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ද මැයි 25 සඳුදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

silumina

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස