සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 1794ක් අස්ථානගතවෙලා! සෞඛ්‍ය ඇමති නීති විරෝධී ලෙස වාහන 15ක් භාවිත කරලා! -විගණකාධිපති

August 5, 2019 at 10:00 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අස්ථානගත වී ඇති බව ප්‍රකාශ කරමින් එහි ලේකම් වසන්තා පෙරේරා විසින් පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබේ.

මේ අනුව අදාළ පැමිණිල්ල පිළිබඳ පොලිස් මූලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ වෙත අදාළ වාහනවල අංක ලබා දෙමින් පවසා ඇත්තේ එම වාහන පිළිබඳ තොරතුරු ඇතොත් එළඹෙන 10 වෙනි දිනට පෙර දැනුම් දෙන ලෙසය.

මේ අතර අමාත්‍යංශයේ වාහන කළමනාකරණය පිළිබඳ විගණන වාර්තාවක් ඉදිරිපත් කරමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ අමාත්‍යංශ සතු වාහන 1794ක් අස්ථානගත වී ඇති බවය.

එසේම සෞඛ්‍ය ඇමතිවරයාට භාවිතයට හිමිකම් ඇත්තේ වාහන 03ක් පමණක් වුවත් ඔහු වාහන 18ක් භාවිත කර ඇති බවය. නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාට හිමි වාහන 03ක් පමණක් වුවද ඔහු ද වාහන 11ක් භාවිත කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස