සීෂෙල්හි සිටින ලාංකිකයන් ගෙන එන්න සූදානම්!

May 28, 2020 at 4:16 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි රැකියාවන්හී නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටේ දැනට පවතින නිරෝධායන රෙගුලාසිවලට හා නිරෝධායන පහසුකම්වලට අනුකූලව ඔවුන්ට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට පහසුකම් සැලසීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වි⁣දේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

රැකියා අහිමි වීම, රැකියා කොන්ත්‍රාත්තව අවසන් වීම හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා යන හේතූන් නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව දන්වා ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙ අතර වෙති.

එසේම ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් එම ලාංකිකයින් ගේ ඉල්ලීම මත ඔවුන්ට ආහාර ද්‍රව්‍යය ද බෙදා දී තිබෙන අතර ඔවුන්ට දූත මණ්ඩලය හා සම්බන්ධ විය හැකි පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවයක් ද පිහිටුවීමට මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කර තිබේ.

සීෂෙල්ස්හි, 2020 මැයි 11 දින වන විට එක් කොරෝනා ආසාධිතයෙක් පමණක් සිටි අතර 2020 අප්‍රේල් 06 දින 11 වැනි ආසාධිතයා සොයා ගැනීමෙන් පසුව කිසිදු ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස