සීෂෙල්ස් ජාතිකයන් ලංකාවට ආවේ කොරෝනා ප්‍රතිකාර සඳහා නෙමෙයි! – සීෂෙල්ස් තානාපති කාර්යාලය

May 26, 2020 at 10:33 am | by emanisa.lk

සීෂෙල්ස් සිට එරටට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණි 35ක් පමණ වන පිරිස පැමිණ ඇත්තේ කොරෝනා ප්‍රතිකාර සඳහා නොවන බවත්, ඔවුන් සියලු දෙනාම වෙනත් රෝග සඳහා හදිසි ප්‍රතිකාර සඳහා පැමිණි පිරිස් බවත් ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් තානාපති කාර්යාලය නිවෙදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේ වෙතත්, එසේ පැමිණි සියලු දෙනා මේ වන විටත් මුදල් ගෙවා නිරෝධායනය වන මධ්‍යස්ථානයකට යොමු කොට PCR පරීක්ෂණ සිදු කිරීමට තලවතුගොඩ හේමාස් රෝහල කටයුතු කර තිබෙන අතර සියලු දෙනා කොරෝනාට කොරෝනා ආසාදිත නොමැති බව ද තහවුරු වී ඇත.

ඒ කෙසේ වෙතත්, රජයේ නිරෝධායන නීතිය යටතේ, ඔවුන් විසින් මුදල් ගෙවා වෛද්‍ය පහසුකම් ලබා ගන්නා හේමාස් රෝහලේ වෛද්‍යවරුන් හා අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල රජයේ වෛද්‍යවරුන් යටතේ මොවුන් දින 14ක් නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

වෛද්‍ය සංචාරක කර්මාන්තය (medical tourism) යටතේ සීෂෙල්ස් ජාතිකයින්ට වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ප්‍රියතම ගමනාන්තයක් වී ඇති බව තානාපති කාර්යලය පවසයි.

ශ්‍රී ලංකාව කොරෝනා ආසාදිත නොවන රෝගීන් එවීමට තරම් ආරක්ෂිත රටක් ලෙස තමන් සලකන බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස