සීෂෙල්ස් රටේ කිසිම කොරෝනා රෝගියෙක් නෑ! ආසාදිතයන් 11 දෙනාම පූර්ණ සුවය ලබලා! අප්‍රේල් 11ට පසු ආසාදිතයන් නෑ!

May 28, 2020 at 12:02 am | by emanisa.lk

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලංකාවට පැමිණියේ කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවට එරට තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළේය.

මේ වන විට ෂිසෙල්ස්හි කිසිදු කොරෝනා රෝගියෙකු නොමැති බව ලොව කොරෝනා ආසාදිතයන් පිළිබඳ තොරතුරු ඇතුළත් ප්‍රමුඛතම වෙබ් අඩවිය (worldometers.info)වාර්තා කරයි.

එහි සඳහන් පරිදි සීෂේල්ස් රාජ්‍යයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 11කි. ඒ සියලු දෙනා මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර කිසිදු කොරෝනා මරණයක් වාර්තා වන්නේ නැත.

එසේම සීෂෙල්ස්හි අවසාන කොරෝනා රෝගියා අප්‍රේල් 11 වෙනිදා හමු වී ඇති අතර ඉන් පසු එනම් දින 50කට ආසන්න කාලයක් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත.

විස්තර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *