පර බල්ලා කිව්වේ මට කතා කළේ ගිහියෙක් කියලා හිතලයි! භික්ෂුවක් බව දන්නවා නම් එහෙම කියන්නේ නෑ!- ඇමති කිරිඇල්ල කනගාටුව ප්‍රකාශ කරයි…

April 4, 2019 at 8:51 am | by admin

තමා පර බල්ලා යැයි බැණ වැදීම හේතුවෙන් යම්කිසි භික්ෂූන් වහසේ නමකට අපහාසයක් සිදු වූයේ නම් තමා බෞද්ධයෙකු ලෙස ඒ පිළිබඳ දැඩි ලෙස කනගාටුවට පත් වන බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඊයේ (03) පැවැති උද්ඝෝෂණයක් අතරවාරයේ භික්ෂූන් වහන්සේ නමක් අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් උද්ඝෝෂණය සිදු කිරීමට හේතුව සහ අදාළ මාර්ගය සකස් කර දෙන දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් එහි දී අමාත්‍යවරයා එම භික්ෂූන් වහන්සේට අපහාස වන ආකාරයෙන් “නිකන් පලයන් යකෝ යන්න. පර බල්ලා” යැයි ප්‍රතිචාර දැක්වූ අතර ඊට උද්ඝෝෂණයට එක්ව සිටි පිරිසගේ දැඩි විරෝධය එල්ල වුණි.

අනතුරුව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමා පිළිතුරු ලබා දුන්නේ භික්ෂූන් වහන්සේ නමකට නොව තර්ජනාත්මකව කතා කළ උද්ඝෝෂණකරුට බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස