සිංහල බෞද්ධ ඡන්දයෙන් බලයට පත් ගෝඨා සිංහල බෞද්ධ පාඨලී හිරේ දැම්මා! – ජාතික හෙළ උරුමය..

December 19, 2019 at 4:12 pm | by emanisa.lk

සාතිශය බහුතර සිංහල බෞද්ධ ඡන්දයෙන් බලයට පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට වඩා හොඳ සිංහල බෞද්ධ නායකයකු වන පාඨලී චම්පක රණවක අත්අඩංගුවට ගෙන ඇතැයි ජාතික හෙළ උරුමය චෝදනා කරයි.

1986 සිට ජාතික ශාසනික සේවයක නිරත වූ පාඨලී චම්පක රණවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වඩා මේ රටට ශාසනයට සේවය කර ඇතැයි එම පක්ෂය පෙන්වා දෙයි.

මෙම නඩුව අවුරුදු තුනකට පෙර අවසන් වූ චම්පක රණවක සාක්ෂිකරුවකු හෝ පාර්ශවකරුවකු නොවූ නඩුවක් පදනම් කරගෙන පාඨලී චම්පක රණවක අත්අඩංගුවට ගෙන ඔහුගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ජාතික හෙළ උරුමය චෝදනා කරයි.

කරුණාරත්න පරණවිතාන ඇතුළු ජාතික හෙළ උරුම කණ්ඩායමක් පවත්වන මාධ්‍ය හමුවක දී මෙම අදහස් ප්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස