සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් නෙරපනු! – ජනපතිට සන්දේශයක්…

May 17, 2019 at 12:12 pm | by admin

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එම දුරවලින් පහ කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත සන්දේශයක් ඉදිරිපත් කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

ආණ්ඩුකාර සාලි ඉතාම අන්තවාදී ප්‍රකාශ සිදුකරන බවත් ආණ්ඩුකාර හිස්බුල්ලාගේ ෂාරියා විශ්වවිද්‍යාලය මොළ සෝදන ස්ථානයක් බව ද එහිමියෝ පවසති.

ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට සඳහා කටයුතු කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රතන හිමි වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස