ස්වයං පාලනය සඳහා බලය ඉල්ලූ දෙමළ සන්ධානය ආසන 10ට වැටෙයි! එක රැයින් ඊළාම් සිහින බොඳවෙයි!

August 12, 2020 at 7:57 am | by emanisa.lk

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය මෙවර මැතිවරණයේදී ආසන 6කින් පරාජය වීම නිසා ශ්‍රී ලංකාව තුළ වෙනම රටක් බිහි කිරීමේ සිහිනය බිඳ වැටී ඇත.

2015 මැතිවරණයේදී තමිල් අරසුකච්චි පක්‍ෂයට ආසන 16ක් හිමිවූ අතර මෙවර ලැබුණේ ආසන 10 ක් පමණකි.

මහ මැතිවරණය වෙනුවෙන් තමිල් අරසුකච්චි පක්‍ෂය සිය මැතිවරණ ප‍්‍රකාශ නිකුත් කරමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට සහ ස්වයංපාලනය ලබාගැනීම සඳහා ඡන්දය පාවිච්චි කරන ලෙස ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා තිබිණි.

ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ තමිල් අරසුකච්චිය බලාපොරොත්තු රහිත ලෙස ආසන 6 කින් පරාජයවීම නිසා එමානුවෙල් පියනම මෙහෙයවන ගෝලීය ද්‍රවිඩ සංසදය දැඩි කනස්සල්ල පළ කර ඇත.

මේ අතර තමිල් අරසු කච්චි පක්‍ෂයට සම්බන්ධ අපේක්‍ෂිකාවක් තම ඡුන්ද කොල්ල කා ඇති බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි කර තිබේ.

ඇය මෙම පැමිණිල්ල කර ඇත්තේ ද්‍රවිඩ සංධානයේ ප‍්‍රබලයකුට එරෙහිවය.

උතුරේ ආරංචි මාර්ග දක්වන්නේ සෂිකලා රවිරාජ් මෙම පැමිණිල්ල කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස