සමරිසි වීඩියෝව එජාප – සමගි බලේ මරාගනී! මල්ෂා රකින්න හරීන්ගෙන් කාවින්දට මරණ තර්ජන! කාවින්දගෙන් අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක්!

May 20, 2020 at 2:07 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි කියන සමරිසි වීඩියෝ පටයක් සමාජ ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් වූ සිද්ධියට ස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී මල්ෂා කුමාරතුංගගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කැදවා ප්‍රශ්න කර තිබේ.

ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ෂැංග්‍රිලා හෝටලය වෙත ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන් ඉදිරිපිටදීම කාවින්ද ජයවර්ධනට දුරකථනයෙන් අමතා බැනවැදී මරණ තර්ජනය කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු ඇමති හරීන් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ඊයේ දින ප්‍රකාශයක් ලබාදී තිබේ.

මල්ෂා කුමාරතුංගගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ෂැංග්‍රිලා හෝටලයට ගිය අවස්ථාවේදී එහි සිටි හිටපු ඇමති හරින් පුනාන්දු විසින් පොලිස් රාජකාරියට බාධා කර අදාළ ප්‍රකාශය ලබා ගැනීමට ඉඩ දී නොමැති බවත් ඒ මොහොතේදීම කාවින්ද ජයවර්ධනට මරණ තර්ජනය කරමින් දුරකතනයෙන් ඇමතූ බවත් පොලිස් නිලධාරින් විසින් අදාළ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සටහන් යොදා ඇත.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරනවා කොළඹ අපරාධ කොට්ඨාශය මේ වන විට මල්ෂා කුමාරතුංගගේ දුරකථනය තම භාරයට ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස