මම ඉවත් කිරීම මීගමුවේ ජනතාවට කළ නින්දාවක්! අතින් කාලා හරක් බලපු අපි කිරිමැටි සංවිධායක එක්ක වැඩ කරන්න සූදානම් නෑ!

February 12, 2019 at 5:23 pm | by admin

පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කළ තමන් අත්තනෝමතික ලෙස මීගමුව එජාප සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම හෙළා දකින බව එහි හිටපු සංවිධායක මීගමුව නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු පවසයි. මීගමුව නාගරික මන්ත්‍රීවරුන් සමග මාධ්‍ය හමුවක් කැඳවා ඔහු සිය විරෝධය පළ කළේ ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මීගමුව එජාප සංවිධායක ධුරයට පත් කිරීිමටය.

නගර සභාවේ මන්ත්‍රීවරු 15 දෙනෙකු අත්සන් කර පක්ෂ මහ ලේකම්ට ලිපියක් ලබා දුන්න ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවට හෙතෙම චෝදනා කරයි. මුරකරුවකු අස් කරන විට සිදුවන ක්‍රියාපටිපාටියවත් මෙහි දී සිදු නොවූ බවත් පොඩි ළමයකු බෝලයට පයින් ගසන්නා සේ සිය අදහස් ප්‍රතික්ෂේප කර මෙම තක්කඩි පත්වීම ලබා දී ඇතැයි ඔහු පෙන්වා දෙයි. මෙය මීගමුවේ ජනතාවට කළ අපහාසයක් යැයි ඔහු කියයි.

තමන්ගේ බලෙන් වැඩ ගැනීමට වහලුන් නොවන බව ද අතින් කාලා හරක් බැලු තමන්ට ප්‍රාදේශීය සභාවක පළාත් සභාවක නොසිටි කිරිමැටි සංවිධායක සාකච්ඡා කිරීමට තමන් සූදානම් නැතැයි ඔහු අවධාරණය කරයි. එසේම පසුගිය මැතිවරණවල දී කාවින්ද ජයවර්ධන ජාඇල මීගමුව ආසනවල දී එජාපය පරාජය කිරීමට ස්වාධීන කණ්ඩායම් දමා කටයුතු කළේ යැයි ද චෝදනා කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *