සජිත් කුරුණෑගලට ආවේ නැත්තේ ලයිට් නෙමේ සෙනග නැති නිසා! – ඩිලාන්

November 2, 2019 at 9:55 am | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇමති අශෝක් අබේසිංහ කුරුණෑගල සංවිධානය කළ රැස්වීමට නොපැමිණියේ විදුලිය නොමති නිසා නොව රැලිය⁣ට ජනතාව නොපැමිණි නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

කුරුණෑගල අදාළ ක්‍රීඩාංගනය පාලනය වන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය යටතේ බවත් නගරාධිපතිවරයාට විදුලිය විසන්ධි කිරීමේ බලයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

සිය පරාජය වසා ගැනීමට ආණ්ඩුව සිය පක්ෂ නගරාධිපතිවරයා පිළිබඳ නඟන චෝදනාවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඉදිරි දින 10 තුළ මෙවැනි අභූත අසත්‍ය චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස