සජිත් අගමැති කරන්න කරන්න ජනතාව පෙරුම් පුරනවා! – විජේපාල

January 6, 2020 at 5:01 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති කිරීම සඳහා ජනතාව පෙරුම්පුරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

අද(06) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“විපක්ෂය හැටියට අපි, ආණ්ඩුවේ හිටපු අපි, වැඩක් කරපු අපි, ඒ අය ලෑස්ති වෙනවා අපේ පිට දාලා තමන්ගේ ජාමේ බේරගන්න. හැබැයි ඒකට මේ රටේ ජනතාව ලෑස්ති නෑ.

ඒ අය හිතනවා ජනතාව පුනක්කු කන ගොන්නු ජාතියක් කියලා. මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතාව ආණ්ඩුවට හොඳම කනේ පහරක් ගහනවා. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායමට 113කට වැඩි සංඛ්‍යාවක් ලබා දෙනවා. එතුමා අගමැති කරන්න ජනතාව අද පෙරුම්පුරාගෙන ඉන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස