සජිත්ට යනඑන මං නැතිවෙයි…! ‘එජාපය නැවත නැඟිටින්නේ පාඨලී එක්ක’ – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

July 15, 2020 at 12:25 am | by emanisa.lk

පොහොට්ටුවාදීන්ට අනුව ජවිපෙ විනාශ කළේ අනුර කුමාරය. ඒ අය මෙසේ කියන්නේ ජවිපෙට තිබෙන ආදරය නිසා යැයි අපි තේරුම් ගත යුතුද?

ඇත්ත වශයෙන්ම අනුර කුමාර කළේ ජවිපෙ රාජපක්ෂ ව්‍යාපෘතිය තුළ දියවීම වැලැක්වීමයි. 2008 දී විමල් වීරවංශගේ න්‍යාය පත්‍රයට සමස්ත ජවිපෙ ම එකඟ වූවා නම් අද ජවිපෙට කුමක් විය හැකිව තුබුණේ ද? වර්තමානයේ විමල් වීරවංශයේ දේශපාලන ව්‍යාපෘතිය පවතින්නේ ස්වායත්ත එකක් ලෙස නොව තනිකරම රාජපක්ෂ ව්‍යාපෘතියේ අංගයක් ලෙස පමණි.

ජවිපෙ එදා රාජපක්ෂ ව්‍යාපෘතියට සම්බන්ධ නොවීම නිසා ජවිපෙට මැතිවරණ ක්ෂේත්‍රයේ විශාල පසුබෑමකට මුහුණ දීමට සිදුවූ බව සත්‍යයකි. නමුත් එය රාජපක්ෂ ව්‍යාපෘතිය තුළ දියවී යාම එයින් වැලකිණි. 2015 රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ජවිපෙ දක්වන ලද දායකත්වය වෙනුවෙන් ඊට ගෙවිය යුතු මිල වූයේ රතු අලි යන ලේබලය ඒ මත ඇළවීමයි.

ඒසේ වුව ද එය එජාප ව්‍යාපෘතිය තුළ දිය වී යාමක් සිදු නොවීය. ඒ වෙනුවට එජාප ව්‍යාපෘතිය ශීඝ්‍රයෙන් දිය වෙමින් පවතී. එය නැවත පණ ගැසී ඒමක් සිදු වන්නේ නම් එය සිදුවනු ඇත්තේ ඉදිරි වසර කීපය තුළ චම්පික රණවකගේ නායකත්වයෙන් පමණි. ඒ ව්‍යාපෘතියට ජවිපෙ ගොදුරු වීමට ඉඩක් නැත. ඒ වෙනුවට ජවිපෙට නව දේශපාලන අවකාශයක් විවෘත වීමට එය මඟපාදනු ඇත.

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස