ශ්‍රීලනිප ආසන සංවිධායකවරු අද කොළඹට! මෛත්‍රීගෙන් මහ මැතිවරණය ගැන මත විමසුමක්!

January 7, 2020 at 8:59 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් ‌ අද (07) කොළඹට කැඳවීමට එහි සභාපති ‌මෛත්‍රීපාල සිරිසේන සැලසුම් කර ඇත.

ඉදිරි මහ මැතිවරණයේදී ‌පොහොට්ටුව සමග එක්ව තරග වැදීම සම්බන්ධයෙන් ‌මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන්ගේ මතය විමසීමද ‌මෙහිදී සිදුකෙරෙනු ඇති බව පැවසේ.

එළඹෙන මහ මැතිවරණයේදී සිරිසේන ‌‌‌පොළොන්නරුවෙන් තරග වැදීමට සූදානමින් සිටින බව ද දැනගන්නට ඇත.

පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය පොදු සලකුණකින් මිස පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කරන්නේ නම් ශ්‍රීලනිපය ඊට එක්නොවිය යුතු බවට මතයක් පෙර ශ්‍රීලනිපය තුළ සාකච්ඡා වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස