ශ්‍රීලනිපය යූඇන්පිය එක්ක අවුරුදු 4ක් තිස්සේ රට වැනසුවා! ඒ පාපයෙන් ගැලවෙන්න නම් ගෝඨාට සහාය දිය යුතුයි! – ප්‍රසන්න රණතුංග

September 11, 2019 at 11:28 am | by emanisa.lk

පසුගිය සිව් වසරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව රට විනාශ කිරීමේ පාපයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා දිනවීමට කොන්දේසි විරහිතව සහය දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

නිදහස් පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු කිරීමට නිදහස් පක්ෂයේ ඇතැම් එක්සත් ජාතික පක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා මෙවර ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව හැර වෙනත් ලකුණකින් තරග කළ යුතු යැයි කියන්නේ එම පිරිස බවත් ප්‍රකාශ කළේය.

මේ වන විට පොහොට්ටුව මහින්දගේ සලකුණ ලෙස ජනතාව හඳුනා ගෙන ඇති බවත් එය ජනප්‍රියම සලකුණ බවට පත්ව ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව සලකුණ කිසිසේත් වෙනස් නොකරන බව ද සඳහන් කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ දිවුලපිටිය ප්‍රදේශයේ අද (10) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස