ශ්‍රීලංකන් ඩුබයි වතුර බෙදිල්ල ඇමති අණින් නවතී! ඉදිරියට ශ්‍රී ලංකන් ලංකාවේ වතුර බෙදන්න සූදානම්!

January 6, 2020 at 10:48 pm | by emanisa.lk

ශ්‍රීලංකන් ගුවන් සමාගම මගී ජනතාවට ලබා දීමට ඩුබායි සමාගමකින් වතුර මිලයට ගැනීම නතර කර තිබේ. ඒ අදාළ කුඩා වතුර බඳුන් මිලයට ගැනීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග තහනම් කිරීමත් සමගය.

මෙම කුඩා වතුර බඳුනක් ඇමරිකානු ඩොලර් 7.80 බැගින් වසරකට බඳුන් මිලියන 03ක් මිලයට ගෙන තිබේ.

නව ආණ්ඩුවේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ප්ලාස්ටික් බඳුන් භාවිත නොකිරීමට ද දේශීය සමාගමකින් සුදුසු කුඩා බඳුන් සහ වතුර මිලදී ගැනීමටත් තීරණය කර තිබේ.

එසේම ශ්‍රී ලන්කන් සමාගමේ සියලු මිලදී ගැනීම්වල දී දේශීය කර්මාන්තකරුවන්ට ප්‍රමුඛත්වයක් ලබාදෙන ලෙස ඇමතිවරයා උපදෙස් ලබාදී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස