වැඩි වියදම් නිල ඇඳුම් වවුචර ක්‍රමය අවසන්! අලුත් වාරයේ පාසල් සිසුන්ට නිල ඇඳුම්!

November 27, 2019 at 10:17 am | by emanisa.lk

ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම්
ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

2019 පාසල් වාරය අවසන් වීමට තවත් දින 3 ක පමණ කාලයක් තිබියදීත් පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදිමට අවශ්‍ය පියවර නොගැනීම කණගාටුවට කරුණක් බව පෙන්වාදෙන අධ්‍යාපන අමාත්‍යවරයා එහි පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

පසුගිය රජය විසින් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් පත් ලබාදිමට ගෙන ඇති ක්‍රියාමාර්ගය තුළ රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ද ඉදිරිපත් වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස