වරාය නගරය චීන කොළනියක් ද? එහි පාලනය ශ්‍රී ලංකාවෙන් ගිලිහිලා ද? – හිටපු රේගු අධ්‍යක්ෂගෙන් පැහැදිලි කිරීමක්….

April 17, 2021 at 4:31 pm | by emanisa.lk

හිටපු රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක විසින් තබන ලද ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

වරාය නගරය (Port City)🇱🇰
සරලව

හැබෑටම පෝර්ටි සිටිය චීන කොලනියක්ද?
නැත සමිපූර්ණයෙන්ම වැරදි කියමනක්.

එහෙනමි මොකක්ද?
ශ්‍රී ලංකා රජයට 100% ක්ම සින්නක්කරව අයිති හෙක්ටයාර 269 ක එනමි අක්කර 664 ක භූමි භාගයක්.දියකඩනයත්, දිය අගලත් එකතු කරපුවහම තමයි ඔය කියන අක්කර 1102 එන්නේ.

රජයට මුක්තිය තිබෙිද?
ඔවි ශ්‍රී ලංකාපොලීසියට නීතිය ක්‍රියාත්මක කළ හැකිවීම හොඳම සාක්ෂියක්. රටෙි පොදු නීතියට අයත් වෙි. කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලත් කර ඇති බිමි කඩක්.

ඇයි මෙතරමි බදු සහන දෙන්නේ?
ඉතාමත් මිත්‍රශීලී ආයෝජන වාතාවරණයක් වටා පිටාවක් ති⁣බුනොත් පමණයි ලෝකයේ සෑම රටකින් පාහේ ධනවත්ම ආයෝජකයෝ එන්නේ. එහෙත් ඔවුන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතට යටත්.
මෙම පනත 2016 දී තමයි මුලින්ම ගෙනාවේ. මෙම රජය එය සංශෝධනය කරලා නීතිපතිගේ අනුමැතියෙන් පාර්ලිමෙින්තුවට ගෙන ආ පනතක්. එහි නීත්‍යානූකූල බව උපරිමාධිකරණය තීරණය කරනු ඇති.
තවද මෙම කොමිසමට ස්වකීය අරමුදලක් පවත්වාගෙන යා හැකි අතර එම කොමිසම හා එහි අරමුදල් අදාල ඇමතිවරයාට හෝ ජනපතිට වගකිව යුතුය. කොමිසමෙි අධ්‍යක්ෂක මණ්ඩලය ජනපතිට ඔිනෑම වෙිලාවක වෙනස් කළ හැක.

රජයට ලොකු වියදමක් යන්න ඇතිනේ මෙික හදන්න.
අපෝ නැහැ සත පහක්වත් ගිහින් නැහැ (Zero Cost) තනිකරම විදෙස් සමාගමක ආයෝජනයක්.

කවුද ඒ?
ඒ තමයි China Engineering Cor Port City Colombo Ltd කියන චීන රජය සතු සමාගමක් ඩොලර් බිලියන 1.4ක දැවැන්ත ආයෝජනයක් කරලා තියෙන්නේ.

ඉතින් මීයක් කඩන්නේ අත ලෙව කන්නද?
නැහැ.
ඉහත කී සමාගමට (ව්‍යාපෘති සමාගම) මෙම port city යෙන් ගොඩනැගිලි හැදිය හැකි වපසරිය වූ අක්කර 439 න් 286 ක් ප්‍රති බදු දිය හැකි අතර ඉතිරිය ප්‍රතිබදු දීමට රජයට හැකිය. ව්‍යාපෘති සමාගම ස්වකීය ආයොජනය එසේ ප්‍රති පූර්ණය කරගනු ඇත. ඉතින් සිංගප්පූරුව, ලාස් වෙිගාස් ජෙන්ටිං හයිලන්ඩිස් වැනි ආකර්ෂණීය බිමක් බිහිවෙන්නයි යන්නේ. අපේ රටෙි අනාගතයේ බිමිකඩ තමයි port city ය.

පෝර්ටි සිටියේ පිහිටීම ගැන තව විස්තර කලොත්.
මෙිකේ ගොඩනැගිලි හදන්න පුළුවන් අක්කර 439 ක පමණයි හොදේ. ඉතිරිය එනම් අක්කර 224 ක්ම මහාමාර්ග, පදික තීරු, උද්‍යාන, ඇල මාර්ග, යොක්ටි යාත්‍රාංගනය, අනෙකුත් යටිතල පහසුකමි සහ කිසිදු බාධාවකින් තොරව ඔබ මොබ යා හැකී දර්ශනීය වෙරළ තීරයකුත් තියෙනවා ඔන්න ඇවිදින්න.

තව මොනවද ?
සුපිරි වාතාශ්‍රයක් තිබෙන, අති රමණීය දර්ශන තල හා ආකර්ශණීය මුහුදු වෙරළක්, අති සුඛෝපභෝගී යොක්ටි යාත්‍රාංගනයක්, (Super Laxury Yochting) තවද මෙම නගරය ලොව කාර්යය බහුලමහ මුහුදු මගක පිහිටීම. (Maritime Super Highway). භූගෝලීය පිහිටීමත් (Geographical Jackpot). චීනයට හා ඉන්දියාවට පිවිසුමි ද්වාරයක් (Gateway to China and India ). නිදහස හා සතුට දෝරේ ගලන ක්‍රියාකාරකමි ( (Leisure Activity). මෙහි ලොව විශාලතම මූල්‍ය නගරයක්ද පිහිටවේ. (Financial City.. Hub ). තටිටු 100 ගොඩනැගිල්ලක්..!

වෙළද ආයතන හා පෞද්ගලික නිවාස. (Villas etc.)
විශේෂිත දේවල්.
Convention Centre.
Auditorium.
Medical Tourism. Best hospital.
International Schools.
Entertainment and theme resort.
City tourism

සුපිරි රැකියා ලක්ෂයකට ආසන්න ප්‍රමානයක්ද ශ්‍රි ලංකිකයන්ට හිමිවන මෙහි තාක්ෂණ, මූල්‍ය සේවා, රක්ෂණය, ආදී දකුනු ආසියාවෙි විශිෂට සේවා සැපයුමක් මෙම නගරය ලබාදේ…බුද්ධිගලනයට හොඳ විසදුමක්..
විදෙස් ඍජු ආයෝජන (FDI) විශාල වශයෙන් මෙරටට ගෙන එන මෙම මහගු උල්පත දුෂ්ඨයන්ට වෙනස් කිරීමට ඉඩ නොදෙමු…🇱🇰🇱🇰🇱🇰

පරාක්‍රම බස්නායක
හිටපු රේගු අධ්‍යක්ෂ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස