වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ! කිසිදු බාධාවකට ඉඩ නෑ!

November 18, 2020 at 7:18 am | by emanisa.lk

වරාය අධිකාරිය ඊයේ (17) සිට අත්‍යාවශය සේවාවක් බවට පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලිපි ශීර්ෂයක් යටතේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සන සහිතව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා වන අත්‍යාවශ්‍ය බව සැලකිල්ලට ගනිමින් හා එම සේවා සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇති වීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස