අගමැති වෘත්ති සමිති සාකච්ඡා සාර්ථකයි! ඉන්දීයාව පරදා වෘත්තීය සමිති ජයගනී! දොඹකර වරායට ගොඩබායි!

July 3, 2020 at 12:13 pm | by emanisa.lk

වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟ වී තිබේ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුවය.

එසේම චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමටද එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ තිබේ.

එහිදී මාධ්‍ය ඇමතූ වෘත්තීය සමිති නායකයන් සඳහන් කළේ වරාය රැකගැනීමේ සටනේ පළමු පියවර ජයගත් බවත් එහි දෙවන පියවර වන මෙම ග්‍රැන්ටි දොඹකර වරායේ සවිකර ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේ දී කටයුතු කරන බවය.

මෙම දොඹකර වරායට ගොඩබෑමට ඉඩ ලබා නොදෙන්නේ ඉන්දියානු බලපෑම් නිසා බව වෘත්තීය සමිති නායකයෝ පසුගිය දා චෝදනා කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *