අගමැති වරාය වෘත්තීය සමිති සාකච්ඡා සාර්ථකයි!

August 2, 2020 at 1:05 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ වීරකැටිය කාල්ටන් නිවසේදී අද (02) උදෑසන පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බව වරාය වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.

ඔවුන් මෙම සාකච්ඡාවට එළඹුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියදීය.

ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණය වෘත්තිය සමිති අතර සාකච්ඡාවකින් අනතුරුව අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව වරාය වෘත්තීය සමිති නිලධාරීන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස