අපි වරාය වහනවා.. රටට කන්න දෙන්නේ නෑ.. – වරාය සේවක සංගම්

August 2, 2020 at 10:00 am | by emanisa.lk

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණා දමන්නේ නැති බවට ලිඛිත සහතිකයක් අවශ්‍ය බව කොළඹ වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සභාපති ප්‍රසන්න කළුතරගේ සඳහන් කරයි.

එවන් ප්‍රතිඥාවක් නොමැතිව මෙම වැඩවර්ජනය කිසිසේත්ම අවසන් නොකරන බව ඔහු අවධාරණය කළේය.

ඉදිරි දින කිහිපයේදී රටට කෑම බීම පවා නැති වනු ඇති බව පැවසූ ඔහු එහි වගකීම බාර ගැනීමට තම සංගමය සූදානම් නැති බවද කියා සිටියේය.

රජයේ බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුහු මේ බව කියා සිටියේ වරාය පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස