වර්තමාන ව්‍යවස්ථා ජනතාව එකිනෙකා බෙදා වෙන්කරනවා! රටම සමගි කරන ව්‍යවස්ථාවක් ගේන්න 2/3 බලයක් දෙන්න!

July 9, 2020 at 6:19 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව බෙදා වෙන්කරන බවත් ජනතාවට එකම ජාතියක් ලෙස එකතු වීමට ඉඩ නොදෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

අද (08) කුරුණෑගල මුස්ලිම් ව්‍යාපාරික සහ විද්වත් හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“එදා යහපාලන ආණ්ඩුවට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අපට සහාය පළකළා. ඒ නිසාම ඒ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් පන්නලා දැම්මා. ඒ වෙලාවේ දේශපාලනය කරන්න අපි පොදුජන පෙරමුණ හැදුවා. අපි පක්ෂයක් විතරක් නෙමෙයි සියලු ඡන්ද ජයග්‍රහණය කළා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා මැතිවරණවලට බය වෙලා ඡන්ද තියන එකත් නතර කළා. මේ විදිහට යහපාලන ආණ්ඩුවට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න මුස්ලිම් නායකයන්ගේ සහයත් ලැබුණා. ඒ නායකයෝ මුස්ලිම් ජනතාව විකුණ ගෙන තමන්ගේ මඩිය තරකර ගත්තා. නමුත් ජනතාවට කළ සේවයක් නෑ.

වර්තමාන ව්‍යවස්ථාවේ ඇතැම් වගන්තිවලින් ජනතාව බෙදා වෙන් කරනවා. ජනතාවට එකතු වෙන්න ඉඩදෙන්නේ නෑ. බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථා වෙනස් කරන්න ඕන. ඒ යුතුකම ඉටුකරන්න අපිත් එක්ක එකතු වෙන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස